එකමත් එක දවසක් .. ------------------------------




කොතරම් කලබලකාරි නගරයක් වුවද සැදැකාලය කොලඹ පුරහල සිට බම්බලපිටිය තෙක් වූ අතුරු වීදි වල ඇවිද යාමට මා මෙන්ම ඇයද බෙහෙවින් ප්‍රිය කලාය..සැබවින්ම පුදුමාකාරි සැහැල්ලුවක් මෙන්ම වචනයෙන් කිව කොහැකි සොදුරු බවක් එහි විය..මෙහි පියමන් කරන විටක අමරසිරි පීරිස් මහතගේ මා වඩත් ඇලුම් කරන ගීයක් සිහිවිය...' ඉරිතැලුනු වලා උඩු වියන් යටින් ....මුදුතාර ඇතිරිල්ලේ..... යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියෙ ' නම් සොදුරු පද පෙලයි... එහි නියම අරුත විදිමට නම් තම ප්‍රේමිය සමග අත් අල්ලාගෙන වීදියේ සැරිය යුතු යැයි කිවහොත් එහි වරදක් නොමැත....
වසර ගනනාවකට පසු ලද නිවාඩුවෙ අද දිනය කිසිවිටක වත් අමතක නොවනු ඇත..මන්ද යත් ඇය සමග වීදි අතර අතරමන් වූ පලමු දිනය අද දිනය වන බැවිනි..විදේශ ගත වසර 4 කට පසු මා ලOකාවට පැමිනියද ඇය හදුනාගෙන දැනට වසරකට ආසන්නය..අප නිතර දොඩමලු වූයේ දුරකතනයෙනි.එනමුත් අප දෙදෙනා අතර ඉතා දැඩි ලෙන්ගතු බවක් මෙන්ම ආදරක් දිනෙන් දින පලදැරුවෙ අප නොදැනුවත්වමය...
කෙමින් කෙමින් අප දෙදෙනා බම්බලපිටිය නගරය වෙත ලගා වුනෙමු.එහි අහස උසට ගොඩ නැගී තිබුන සප්පු සOකිරණ දුටු විට කාලය බොහෝ ගත වී ඇති බව දැනෙන්නට වීමි.පාසල් සමයෙහිද මිතුරන් සමග මෙහි ගත කල කාලය චමත්කාරය...මෙහි සැගව ගිය බොහෝ රහස් මා සිත තුල තාමත් අවදිව පවති.මන්ද යත්..ජීවිතයේ එක් සුන්දර අවදියක මතකයන් මේ ජනාකීර්ණ නගයර හා බැදී තිබෙන නිසාවෙනි.
කෙටි දුරක් එහි වින් විසිතුර නරඹන අතර තුර සුපුරුදු රැවක් නෙත ගැටුනු බවක් දැනුනි..නමුත් මහමග ගමන් කරන රතපෙන නිසාවෙන් ...නිසියාකාරවම එම රැව හදුනාගන්නට අපහසු විය.මදක් නැවති එම රැව නැවත සොයන්නට වීමි ...නමුත් එය එතරම් පහසු නොව හෙයින් පාරේ එහාකොනට යාමට තිරනය කලෙමි..'ඇයි ?මොකද වුනේ' පෙම්වතිය විමසන්නට විය...'පොඩ්ඩක් යන්කො එහ පැත්තට' මා කෙටියෙන් උත්තර දුනෙමි..සිදුවන්නේ කුවක්දැයි නොදන්නා මුත් අයද මා සමග පාරේ එහා කොනට පියමන් කලාය..
පදික වේදිකාවෙ ඉතා වෙහෙසකර වූ , කඩමලු වු වස්ත්‍රයකින් සැරසුනු වියපත් කාන්තාවක් විය. ඇය පසුකර යන සියලු දෙනා හට අසරණවු දෑසින් ආයාචනාවක් කරන ඇය මගේ මතකයෙ කොනක රැදි `ඇත.'ඔව්.... මේ ඇයම තමයි.... ' මා සිතින් මා වෙතම කියා ගත්තෙමි.
ඇය කවුද ? මීට වසර 6 කට පමණ ඉහත අප පාසල් යන මාවත අසල ඉතාමත් සිරියාවන්ත මවක් නිවසින් පිලියෙල කරගත් රසබර ආහාර පාන පාසල් දරුවන් වෙත විකුණුවෙ විශ්වවිද්යාලයෙ ඉගනුම ලබන සිය පුතුන් හට අවශ්ය කරනා වූ විය පියදම් සපුරාලීම පිනිසය..එය මා දිනපතා ඇගෙන් ආහාර පාන මිලදි ගන්නා නිසාවෙන් හොදවාකරවම දනිමි..මන්ද් රසබර ආහාර පමණක් නොව ඇය විසින් පවසනා රසබර වදන් වලටද මා ප්‍රිය කල නිසාවෙමි..සිය පුතු ඉගනීමට දක්වන දක්සතා කෙරෙහි ඇය තුල අහින්සක ආඩම්බර කමක්ද විය...මන්ද යම් අවස්ත රැසකදි ඇය මට '' ඔය ලමයිනුත් මගේ පුතා වගේ හොදට ඉගනගෙන විශ්වවිද්යාලෙ යන්න ඕන'' යැයි පවසා ඇති නියවෙනි...සිදු වී ඇත්තේ කුවක් වුවද එය යහපතක් නොවෙන බව සිතමින් මා ඇය සමිපයට ලO වුනෙමි....
ඇය සුපුරුදු පරිදි මා වෙත අහිOසක නෙතු යොමු කලාය.මදක් නිහඩව සිටි මා '" අම්මා .... දවල්ට කාලද ඉන්නේ? " යැයි ඇසුවෙමි...කට කොනක නැගුන මද සිනහවෙහි අරුත අදටත් මට වටහා ගත නොහැක..මා ගල් ගැහිමෙන් ඇය දෙසම බලා සිටියෙමි..සිතින් මා එකල දුටු ඇය හා අද මා ඉදිරියෙ සිටිය ඇය සැසදුව්මි..සිතෙහි වුයේ අපමන දුකකි.."එන්න අම්මා.... අපිත් එක්ක ගිහින් මොනවා හරි කමු"මගේ පෙම්වතිය සිදුවන්නේ කුමක්දැයි නොදන්නා මුත් අප අතරට එක් විය...ඇයත් සුලු දෙයකින් පවා ඉක්මට කම්පාවන තරුණියකි...එම මා හොද හැටි දනිමි...
වාරු දමා දෙපයින් හිට ගත් ඇයද කැටුව අප අසල තිබු ආපනශාලාවකට ගොඩ වීමු..එහි වුන් කිසිවකුගෙ මුහුණක එතරම් ප්‍රිය මනාපයක් නොවු බව ඇතුල් වී වහාම මා තෙරුම් ගත්තෙමි..ඒ කිසිවක් මා හට වැදගත් නොවීය..'එන්න අම්මා ඉදගන්න..' මාගේ පෙම්වතිය ඇයව හසුනක ඉන්දුවාය.පෙම්වතිය පිලිබදවද මා තුල වුයෙ පුදුමාකර වූ පැහැදිමකි...
අප විසින් ඇයට ඇනවුම් කරන ලද ආහර අනුභව කිරිමට පෙර ඇය අප දෙදෙනා දෙස බලා;' ඔය දරුවො දෙන්නට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා' යැයු පිO දීමට අමතක නොකලාය..ඉතාවත් ශාන්ත ලෙස ආහාර අනුභව කරනා ඇය දෙස බලමින් සිතන්නට විය...ඇත්තටම සිදු වී තිබෙන්නේ කුමක්ද? එහෙම සිදු වූයේ කෙසෙද? සිත තුල පුදුමාකාරි නොසන්සුන් බවකි.මා දෙස බලා විශ්මිතව බලා සිටිනා පෙම්වතිය තව සුලු මොහොතකින් මගෙන් අසන්නට ප්‍රස්න දහසක් ගොනුකර සිටිනා බව මා හොදවාකාරවම දනිමි..එක් ප්‍රස්නකට හැර ඉතිරි සියලු ප්‍රස්න වෙත පිලිතුරු මා දනිමි..
ආහාර ගෙන අවසන් වු පසුව ඇයගෙන් මා නොදන්නා ප්‍රස්නයට පිලිතුරක් ලබා ගැනිමට මා සිත තුල වූයෙ පුදුමාකර නොයිවසිල්ලකි...දැන් ඒ සදහා සුදුසුම මොහොත යැයි සිතු මා...
"අම්මා...ඇයි ඔයා පුතා ඉද්දි මේ විදිහට දුක් විදින්නේ?|" යැයි ඇසුවෙමි..
ඇයගේ නෙතු අගට ආ කදුල දුටු මා ... මා විසින් අසන ලද කාරනය මොන තරම් අනුවන දැයි පසුතැවෙන්නට වීමි..' මO වගේ මෝඩයෙක්' මා මටම දොස් පවරා ගතිමි..
නමුත් ඒ කදුලේ අර්තට මා වටහා ගතිමි... එමෙන්ම මා වටහා ගත් තව කරුණක් විය...එනම්
'අම්මේ ඔයාගේ කුසගින්න නිවන්න මට පුලුවන් වුනාට ..... හිතේ ගින්න නිවන්න මට නොහැකි බවයි'

( N Shan)

උපුටා ගැනිම තහනම් . කර්තෘ අයිතිය සුරකින්න.

Comments