එහෙනම් මායාවී 5 වන කොටස අද දින ඔබ වෙත,

එහෙනම් මායාවී 5 වන කොටස අද දින ඔබ වෙත,





 

 අමිලයගේ ගෙදරින් පිටත් වෙද්දී හතරත් පහුවෙලා. උන්ගෙ අම්මා ගෙදර එන්න කලින් චුත නොවුනොත් හොඳවැයින් දෙකක් කෙසේ වෙතත් කීපයක්ම ෂුවර් නිසා වේලාසනම එළි බැස්ස. නවීන් මාවයි පොලාවයි බස් එකට දාලා ඉක්මනටම කැපුනේ පැකට් එකට වෙලාව හරියාගෙන ආව නිසා වෙන්න ඇති... පොලත් ගෙදර ගියා. දැන් වෙලාව 10.30 ටත් කිට්ටුයි.. මං ඇළ අයින දිගේ හෙමින් හෙමින් ඇවිත් ගේට්ටුව දිහා බැලුව. මං හිතුවේ ටක්කෙටම අපේ ටකරම ගේට්ටුවට ඉබ්බ දාල ඇති කියල. ඒත් මගේ පියාණන් ටකරමට හොරෙන් ඉබ්බගේ ලොක් එක ඇරලා. ගේට්ටුවට ඉබ්බා දාල නම් තාප්පෙන් පනින එක මගේ පුරුද්ද කියල තාත්ත දන්නවා. වැටිලා කකුල් කඩා ගත්තොත් ඒකත් එකක් කියල එයා ටකරමට හොරෙන් ඉබ්බා ඇරලා තියනවා.

මගේ කාමරේ ජනේලෙන් ඇතුලට පැනගෙන කලුවරේම නාන කාමරේට අත පත ගගා ගියේ ලයිට් දැම්මොත් මං ආපු වෙලාව නෝන්ඩි වෙන හින්ද. පොඩියට වොෂ් එකක් දාගෙන සිගරට් එකක් පත්තු කරන් මං ජනෙල් පඩියෙන් වාඩි උනා... අද දවසත් ගෙවුන. ආයේ හෙට... දවස් ගෙවෙනව දැනෙන්නෙත් නෑ. එක්කෝ රස්සාවක් වත් කරන්න පටන් ගන්න ඕනේ. තාත්ත හැමදාම ඩෙගා නටනවා රස්සාවක් කරපන් කියල... සල්ලි ඕනවටම නෙවෙයි. මගේ මේ රස්තියාදු ගැහිල්ලයි නරක පුරුදු ටිකයි ඈත් වෙයි කියල. මට ඉතින් රස්සාවකට ගියාට ඕක කරන් ඉන්න බැරිවෙයිම කියල හිතෙන නිසා මං ඒකට උනන්දු උනේ නෑ. ඒත් වෙනසක් ලඟකදී වෙන්න ඕනේ කියල මට හිතෙනවා...
*******************************************************************************

" ඊයේ කීයටද ආවේ".. මූන එහෙම හෝදගෙන අහිංසක නොදරුවෙක් වගේ තාත්ත ඉඳගෙන හිටපු පුටුව ළඟ බිම ඉඳ ගනිද්දී බල බල හිටපු පත්තරේ අස්සෙන් එබුනු තාත්ත ඇහුව...

"නමයාමාරට විතර"...මං අහක බලාගෙන කටේ දිවේ නොගෑවී කෙබරයක් අත ඇරිය.

"උඹ කාවද මායා ඔය රවට්ටන්නේ? උඹේ හිතේ ආපු වෙලාව, උඹ කරන කියන ඒවා මං දන්නෙ නෑ කියලද? මට ආරංචි උඹ ඊයෙත් අර කුඩු කාරයා එක්ක හංදියේ හිටිය කියල..."

"කවුද පචයක් කියල තාත්තේ.. මං හිටියෙ පොලා එක්කනේ"

"පොලා? පොලා නෙවෙයි පොලොස් බූරුව.. මායා.. මේක අහගනින්... උඹව අම්ම දාල ගියාට පස්සේ මං අමාරුවෙන් උඹව ලොකු මහත් කලේ...

උඹ කොල්ලෙක් වගේ හැදුනෙ මගේ වරදින්. මට පුතෙක් ඕන වෙච්චි නිසා මං උඹව හැදුවෙ කොල්ලෙක් තාලෙට... අන්තිමට ඒක වැරදුනා..."

තාත්තගේ කට හඬ බිඳෙනව මට දැනුන... හැමදාම වගේ මේ වෙලාවෙත් මට දැනෙනව මගේ උගුරේ මොකක්දෝ හිරවෙලා වගේ හැඟීමක්.. මං කතා කරන්න කට හැදුව.. ඒත් සද්දෙ පිට උනේ නෑ..

"උඹ කුඩ්ඩෙක් එක්ක යාලුයි කියල දන්න උන් කතා වෙනව. ඕක නවත්තපන් මායා. උඹට ගහල හදන්න පුළුවන් වයසක නෙවේ උඹ ඉන්නේ. ළමයි දෙමවුපියන්ට වඩා කර දඬු උස් මහත් උනාම උන්ට අත උස්සන්න අපිට බෑ...."

"අහ් .. අදත් පටන් අරන් තියෙන්නේ බීරන්ට වීණා ගහන්න..." ටකරම පහත උනා කියපන්කො එතනට..

හම්මේ මෙයා විතරයි මෙතනට අඩුවෙලා හිටියෙ. ඔය වැඩියෙ පිළිවෙලකට... දැන් ඉතින් දායි පොහොර තට්ටු තට්ටු...

"මෙයාට කියන කට හොඳයි ඒයි මොකේ හරි උලා ගත්තනම්..."

මට හුකුස් ගාල පැන්න හිනාව... උලා ගන්න බැරිය ඔය මොකේ හරි...

"දැක්කද දැක්කද... මුකුත් කියන්න බෑ හිනාව. වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නේ නෑ.. කතා කරන්න දන්නේ නෑ"

"ඔයා දන්නවද වැඩිහිටියෝ කියන්නෙ කාටද කියල?" මං ඇහුව ටකරමෙන්...

"වැඩිහිටියෝ කියන්නේ හිටියා වැඩී කියන එක... ඉතින් අමුතුවෙන් මොකටද ගරු සැලකිලි..." මං කිව්වේ හිනාවත් එක්කමයි...

"මායා ... කටවහපන්... උඹ කාටද ඔය කතා කරන්නේ?" තාත්ත පුටුව පස්සට තල්ලු කරන් නැගිට්ටේ පත්තරේ වීසි කරලා.

" මං දන්නවා... කුඩම්මට කතා කරන්නේ... කුඩම්මට... එයා මගේ අම්ම නෙවෙයි... මගේ අම්ම මැරිලද? නෑ... දාල ගියා විතරයි.. මෙයා කට ඇරියොත් ඔයාට මගේ කේළම් පටෝනවා.. එක්කෝ එයාගේ හැදිච්ච දුවල ගැන වරුණාව. හැදිලා වැඩි නිසා වෙන්න ඇති උන් මෙයාව බලන්නෙවත් නැත්තේ..." ආපු කේන්තියට එහෙම කියපු මං එතන තිබ්බ පුටුවටත් පයින් ගහගෙන ඇතුලට ගියා.

මට ඇහුන මහ හයියෙන් ටකරම තාත්ත එක්ක ඇවිලෙනවා... මං නිසා තාත්ත බැණුම් අහනවා... මොකක්ද මේ ජීවිතේ... ඇයි මට විතරක් මෙහෙම?...

මං හිත හිත කාමරේට ඇවිත් දොර වහගත්ත... මේසේ උඩ තේ එක.. කුඹි එකා දෙන්න ඒකට ඇදෙනවා. ඒක තියල ගිහින් මිස වහලවත් නෑ. තේ එක අතට ගත්ත මං උගුරක් බිව්වේ කටේ කෙල බින්දුවක් නෑ වගේ තේරුන නිසා... තේ එක නුවරඑළියේ සීතල තේ වගේ වෙලා. මට කෝප්පෙ පොලේ ගහන්න හිතුන... මේ ගෑණි මගේ අම්මගේ තරහ මගේ පිටින් අරිනවා... තාත්ත ඒක නොදන්නව නෙවේ.. ඒත් එයා අසරණයි. අපි ඉන්නෙ කුඩම්මගේ ගෙදර.. අපිට ඉන්න වෙන තැනක් නෑ... අපි ඇත්තටම මේ වචන අහන්නෙ ඒ නිසා නේද? ජනෙල් පොලු මිරික ගෙන හිටපු මට දත් මිටි කැවුන...

ඒත් එක්කම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත

පොලාගේ නම්බර් එක...

"හෙලෝ..."

"හෙලෝ මචී... මං මේ උඹලගේ ගේ ඉස්සරහ ඉන්නේ.. මොකක්ද කාලගෝට්ටියක් ඇහෙනවා බන්..."

"මොන හුයන්නක්ද මට තේරෙන්නෙ නෑ බන්... අදත් අවුලක්... උඹ ඇයි මෙහෙ ආවේ.. දන්නවනේ අපේ ඩබල උඹව දැක්කොත් වෙන දේ.." මං ඇහුවේ පොලා කවදාවත් නොකිය එන්නෙ නැති නිසා.

"බං මම උඹේ ෆෝන් එකට ගත්ත. උඹ ගත්තෙ නෑ.. පොඩි අවුලක්.. විස්තර මෙහෙම කියන්න බෑ. සින් ගාල ඇඳුමක් දාගෙන වරෙන්" පොලා ෆෝන් එක තිබ්බ.

මේ මොන මඟුලක්ද ඒ පාර.... කිසිම දෙයක් මීටර් නොවෙන තැන මං බාත්රූම් එකට රිංගුවේ එලියට පනින්නේ කොහොමද හිත හිත...


උපුටා ගැනීම තහනම් කර්තෘ අයිතිය සුරකින්න.

Comments