මායාවී - 04 වන කොටස ..


 
 
 
 
 
ඕන්න එහෙනම් මායාවී ඒකේ 4 වන කොටස අද දින ඔබ වෙත,

අමිලයගෙ ගේ පිටිපස්සේ ගඟ අයිනේ ගහ තමයි අපේ පොට් එක. ගඟට නැමුණු අතු උඩ ලගාර් ගහන එක අපේ ඒකාලේ ඉඳලම පුරුද්දක්.
"අඩියේ නැගපන්" අමිලය මට කියද්දී

"හෝව් හෝව් ටිකක් හිටපන් මං නගිනකල්" කියපු පොලා දනි පනි ගාගෙන ගහට නගින්න ගත්ත.

"අඩෝ ලේඩීස් ෆස්ට් නේ ඩෝ"
"කවුද ලේඩීස්? මේ කොලු බාගේද? අනේ නිකන් පලයන් බං"
"අඩෝ මේ උඹේ මූන සම්බෝල කරගන්න තමා ඔය" මං පොලාට ඇඟිල්ල දික් කලා.

"අනේ බය බෝයි දෙවියන් වහන්ස... අහ් සොරි බජනය කරන්න ඕනෑ. දේවිය... වඩින්න වඩින්න ගස මුදුනට" පොලාගේ රාජකීය නාඩගම බලාගෙන හිනාවෙන ගමන් අපි තුන්දෙනත් ගහට නැග ගත්ත.

වතුරට බර වෙලා තිබුණු ලොකු අතු දෙකක් උඩ අපි හතර දෙනාම වාඩි උනා.
"මේ. අර සමපෝෂ ටික ගනින්කො කන්න..' නවීන් කට ඇරිය.

"ඔතා ගත්තු මල ගහනකල් හිටපන්.. ඊට පස්සෙ කමු බන්" අමිල සමපෝෂ දාපු බෑග් එක මගේ අතට දෙන ගමන් කිව්වා.

"ඔව් ඔව් පැණිරහට කන්න අන්තිමට ගෙදර සීනි බෝතලේට අරින්න වෙයි"

අමිලය මල පත්තුකලා. ඊට පස්සේ පොලා අතට.. පොලාගෙන් නවීන් අතට නවීන් අන්තිමට අන්තිම ටික මට දික් කළා.

"මට එපා.." මං නවීන්ට කිව්වා.

"ඇයි? ගන්නව ගන්නවා" නවීන් ආපහු දික් කළා.

"උඹ තමයි දවසකට හරි මිනිහ නවියො... තමන්ගේ කෙල්ලට තමන් ගහපු මලේ බාගේ දික් කරන පළවෙනිය උඹ වෙන්නැති" කියපු අමිලය සමපෝෂ බෑග් එක මගෙන් ගත්ත.
"උඹල නොදන්න දෙයක් නෙවේනේ අමිලය.. මං තමයි මේකිට සේරම පුරුදු කලේ... මායා මාත් එක්ක තමයි මුලින්ම සිගරට් එක ඇද්දේ... මල ගැහුවේ... ඩ්‍රින්ක් එක දැම්මේ... ඒක අපි දෙන්නගේ තේරුම් ගැනීම..."
මං දුම් උගුරු අරින ගමන් නොකර සද්ද නවීන්ගේ පුරාජේරුව අහන් හිටිය.
"ගෑනියෙක්ට නරක දේවල් පුරුදු කරන එක තේරුම් ගැනීමක් නෙවෙයි බං" කටේ කෙළ බිඳක් නැතුව ගිහින් වේලිච්ච කට හඩින් පොලා කියපු එක මට ඇහුනේ හීන් කෙඳිරියක් වගේ...

"ඒ උඹට බඩු වැදිලද?" අමිලය පොලාගෙන් ඇහුව..

"නෑ බං මං මේ වැදිල කියනවා නෙවේ බං. මුකුත් නොදන්න කෙල්ලෙක්ට මේවගේ පජාත දේවල් පුරුදු කරන එක හෙණ ගහන පවක් බං. මායා එළ කෙල්ල.. මං දන්නවා. අපි ආශ්‍රය කරන්නෙ අවුරුදු 8ක ඉඳලනෙ බං. ඒ උනත් උඹ නෙවෙයි නවියො කවුරු කලත් කෙල්ලෙක්ට මෙව්ව පුරුදු කරන එක වැරදි"

"පොලා කියන කතාව එක අතකින් හරි නවීන්... අපි කොල්ලො මචං.. රැලට වැටිලා මේව කලාට අපි උනත් නොකර ඉන්නවනම් හොදයි... එහෙම එකේ කෙල්ලෙක්ට දෙනවා කියන්නෙ මොකක්ද බං තත්වෙ? අනික උඹටම ගොඩ ඒගන්න බැරුව නටද්දී මේකිට ඕව නොදී ඉන්නවනම් නේ හොඳ?

"ඇති බං ඕක".. මල් ලෝකේ දැහැන් ගත වීමේ ආසාව එක්ක මං ෆෝන් එක එලියට අරන් සින්දුවක් දැම්ම.

"සඳුද අවදියෙන්..
තරුද අවදියෙන්...
මේ නිශාන්තයේ...

ඔබ ළඟ නැති තව දිනක් ගෙවීයයි..
තනිවුන වසන්තයේ"..

අමරසිරි මහත්තයගේ කට හඬ කන්බෙර පලාගෙන ඇවිත් දිඩි දිඩි ගාල එලියට පනින තරම් වේගෙන් ගැහෙන පපුව උඩට වැටෙනවා මට දැනුනා.

"සූස්ති සිංදුනේ මචී උඹත් අහන්නේ.." අමිලය මගෙන් ඇහුවා..

"හැබෑ ලෝකෙට වඩා සූස්ති ජිවිතේ සනීපයි මචං... හැබෑ ලෝකේ වෙන සමහර දේවල් පියවි සිහියෙන් විඳින්න අමාරුයි"

ඒ ඒ කතා කලේ සූස්තියද නැත්තන් මගේ දාර්ශනික චින්තනයද කියල මංම ටිකක් හිතුවේ තනියම හිනාවෙන ගමන්මයි...

කර්තෘ අයිතිය සුරකින්න ..
උපුටා ගැනීම තහනම්.

Comments