මායාවී 03 - කොටස


මායාවී 03 - කොටස


බස් එකේ පිටිපස්සෙම සීට් එකේ පොලයි, නවීනුයි මායි ඉඳ ගත්ත. බස් එක ඉබි ගමනෙන් ඇදෙද්දී නවීන්ගේ කොට රළු ඇඟිලි මගේ අතේ හෙමින් සීරුවේ පැටලුනා. අත ගසල දාන්න තරම් හිතුනත් මං පාඩුවේ හිටිය

අමිලයගේ ගෙදරට යන ගමනේ ගෙවුණු විනාඩි හතලිස් පහේම පොලයි නවීනුයි උන් දෙන්නගේ කයියට මාවත් ගාව ගන්න හෙනට ට්‍රයි කලත් මං ජනේලෙන් එළිය බලන් හූමිටි තිබ්බ විතරයි. නවීන් එක්ක ගෙවුණු අවුරුදු හතර ගැන වගේම නවීන්ගේ මේ හැසිරීම්, එයාගේ කුඩු බීම ගැන මගේ හිතේ කළකිරීමක් ඇති වෙන්න පටන් ගත්තේ අදක ඊයෙක නෙවෙයි. ඒත් නවීන් ගෙන් ඈත් වෙන්න මට තවම හිත හදාගන්න බැහැ. තාත්තටත් කවුරු හරි මේක ගැන ගින්නක් දීල එයත් ලඟකදී ඉදල මං ගැන හොයන්න ඇන්ටනාව කරකවනවා, දෝස්මුර දානවා ඉවරයක් නෑ ...

"අමිලය ගෙදරද දන්නේ නැහැනේ බං"

"ඌ ගෙදර ඇති පොලා.. මොකෝ ඌ ජොබක් කරන එකෙක්යැ" නවීන් උත්තර දුන්න

"ඌත් ඉතින් අම්ම හම්බකරන එකෙන් කාල කරලා මල් ගහගෙන ෆුල් සූස්තියේ ඉන්නව මිසක් රස්සාවක් කරගෙන හොඳට ජීවත් වෙන්න ආසාවක් නෑ" මං කිව්වේ අනිත් දෙන්නට ඇනෙන්නත් එක්කමයි. ඩබලම මූණට මූණ බලන් හිනා උනේ මට කින්ඩියට වගේ

"ඈ බං.. උඹ හරියට කතා කරන්නේ උඹ රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න හැදිච්ච එකී වගේනේ"

"දෙනවා එකක් බලපිය තොගේ ඔය දත් වහල්ල ගැලවෙන්න" මං පොලාගේ පැත්තට පනිද්දී ඌ නවීන්ව මගේ ඇඟට තල්ලු කරලා දාලා පැනල දිව්වා

"මේ උඹල දෙන්න ජල්ලි අල්ලන එක නවත්තල යමල්ලකෝ"

"උඹේ ඔය කොලු බාගේ සුන්දරීට කියපන් තරහ ගන්න එපා කියල.

ඕකිගේ කොට කොන්ඩේ සුදු උනාම වස කැතයිනේ බං.." පොලා මට විරිත්තුව

"නොදකින් කබරයා"

අපි අමිලගේ ගෙදරට සැපත් උනා. "අමිලයෝ...." නවීන් හායි ගාල ඇරලා දාල තිබ්බ දොරට තට්ටු කළා.

" කෝ බං මූ?'

" හිටහන් මං බලන්නම්.. ඕකා ගඟ අයිනේ මලක් ගහනවද දන්නේ නැහැ." කියපු නවීන් ගේ පිටිපස්සට ගියා.

"ඉඳගමු බං" කියපු පොලා මාවත් ඇදගෙනම ඉස්සරහ තිබුණු පුටුවක ඉඳගත්ත.

" මූ නෑනේ බං, ගේත් ඇරලා දාල මූ මොන මඟුලේ ගියාද මන්ද"

"ගිය ලබ්බකින් එන්නේ නැතෑ. ඔන්නොහෙ ඉඳගනින් උඹත්"

තවත් විනාඩි දහයක් විතර ගතවෙද්දී ඕන් එනව අමිලය සරමත් කොනකින් උස්සගෙන.

"කොහෙද අපතයෝ ගියේ? අපි ඇවිත් කොච්චර වෙලාද.. ගේත් ඇරලා දාල.. හොරෙක්වත් පැන්න නම්?" පොලා පටන් ගත්ත.

"අරන් යනව නම් ඉතින් නංගිව තමයි බං ගෙනියන්න තියෙන්නේ. එකක් එකී ගෙදර නෑ ඉස්කෝලේ ගිහින්.අනික ඕකිව ගෙනියන එකා අයෙත් ගෙනත් දානවා ආයේ දෙකක් නෑ" කියපු අමිලය හොක හොක ගගා හිනා උනා

"අම්මද බොල ... මායා.. ඉතින් කාලෙකට පස්සේ නේ මචී ?"

පැත්තක වාඩියක් දාගෙන හිටපු මාව දැකපු අමිලය ඇහුව.

"ඔව් බං. ආවා ඉතින් උඹව බලන්න. කොහෙද උඹල නෑනේ"

"නෑ මචං දැන් නැගිට්ටේ. බොක චාජ් වෙන්න සිගරට් එකක් ගන්න කඩේ ගියා. තාම මූණ හෝදලත් නෑ බං"

"නොදකින් වල් ඌර.. පල ඉතින් දැන්වත්" කියපු නවීන් අමිලයව තල්ලු කළා.

"අඩෝ සරම කැඩෙයි. මෙතන මේකිත් ඉන්නවා" කියාගෙන අමිලය ගෙට ගියා.

"අපොයි මං දැකලම නෑනේ.. තොපි බීල තැන තැන වැටිලා ඉද්දි සේරම එළියේ දාගෙන මං ඕව දැකල තියෙන්නේ ඕසේට " මං කියද්දී නවීන් මට රැවුවා.

"මේ බඩගිනි.. මොනාද දන්නේ නෑ මුන්ගෙ අම්ම අද ඉව්වේ" කියපු පොලා කුස්සිය පැත්තට යද්දී අපිත් උගේ පස්සෙන් වැටුන.

"කෑමක් කිව්වොත් තොපිත් බල්ලෝ වගේ එනවනේ බං"

"යකෝ උදේ බීපු තැඹිලි ගෙඩිය විතරයි. බඩේ පණුවෝ හෙණ ඉල්ලනවා ඇති" කියාගෙන මං වලන් මුට්ටි අරිද්දි

ෆ්‍රිජ් එක ඇරගෙන හිටිය පොලා සමපෝෂ පැකට් එකක් දික් කළා.

"කනවනම් මෙන්න බඩු. පොල් ටිකක් ගාපන්කෝ මායා"

"අනේ මේ උඹට ඕනේ නම් ගා ගනින්"

"අනේ ඉතින් ගෑණු නමට විතරයි උඹ නම්" කියපු පොලා හිරමනෙත් ඇදගෙන පොල් ගාන ගේමට එන්ටර් උනා.

පොල් ටික ගාගෙන සමපෝෂ ගුලි ටිකත් හදාගන්නකල් අමිලය නෙවෙයි ආවේ.

"අරූ තාම බොක දානවද? පොලා නවීන්ගෙන් ඇහුව. වැඩි හරියක්ම කුඩු මතේ කිර කිරා ඉන්න නවීන්ට ගොඩක් වෙලාවට අපි කියන ඒවා ඇහෙනවා වගේම උත්තර දෙනවත් අඩුයි.

"ගිහින් බලපන්කො" මං පොලාට කිව්වා.

"හා හා යන්න දෙයක් නැහැ උතුමාණන් වැඩිය බොලවූ" නාලා කරලා ඇදුමක් දාගෙන අමිලය කුස්සියට ආව

"යකෝ උඹල සමපෝෂ හැදුවද?

"ඔව් බං ෆුල් හන්ටර් එකේ ආවේ" පොලා කිව්වා.

"මං කියන්නම්. මේකත් අරන් ගඟ අයිනේ පොට් එකට යමන්... හුළන් වැදි වැදි කමු"

"එළ යමන්..."

අපි තුන්දෙනා යන්න කුස්සියේ දොරෙන් එලියට බහිද්දීත් නවීන් පුටුව උඩ කිරනවා.

"නවිය .. වරෙන් යන්" අමිලගේ කටේ සද්දෙන් දැහැන බිඳ ගත්ත නවීන් අපේ පිටිපස්සෙන් වැටුන.

කර්තෘ අයිතිය සුරකින්න . උපුටා ගැනීම තහනම් .

Comments