හුස්මක් දුරින් ..(පළමු කොටස)






 
 
01 . කොටස
මම දිගු හුස්මක ඉහලට ඇදලා බෝඩිමේ ජනේලයෙන් එපිට බැළුවා.වැහි කුණාටුවට හසු වී අතරමං වූ වැහිලිහිණි පැටවෙක් මන්දාරාම් අහසේ හුළඟත් එක්ක පොර බඳිනවා. දින කිහිපයක් තිස්සේ එක දිගට ඇද හැලෙන වරුසාව තවමත් අවසන් වෙලා නෑ. කොළඹට වැස්සත් එපා වෙනවා. පායනකොටත් එපා වෙනවා. ආගන්තුක හැඟීමක් විතරයි මගේ හිතේ නම් තිබුනේ. මම ආයෙමත් හිත පොත අස්සට ඔබා ගත්තේ හිත සන්සුන් කර ගන්නයි. තාමත් මම කොළඹට හුරු වෙලා නෑ. කොළඹට ඇවිත් දැන් මාස හයයි. අම්මා නිතරම කියන්නේ ගමට හදාගෙන එන්න කියලා. ඕන කෙනෙක් කැමතිත් තමන්ගේ තැන වැඩ කරන්න. ඒත් මට ගමට යන්න හිත දෙන්නෑ. ඒ සමහර විට ගමේ මතකයන් ගොඩාක් දාලා ආව නිසා වෙන්න ඇති. ඒත් මම කවදාවත් හිතුවේ නෑ මම ගමේ දාලා ආපු මතකය මගේ පස්සෙන් මාත් එක්කම ඒවි කියලා. මගේ පරණ ආද‍රය. නැ මගේ එකම ආදරය. අද මම උදේ නැගිට්ටේ වෙනදා වගේමයි. වැඩට ආවේ වෙනදා යන වෙලාවටමයි. තිඹිරිගස්යායෙන් ඉසිපතන මාවත දිගේ ගියේ වෙනදා වගේමයි මම ගියේ. බස් එකෙන් බැහැලා මම පාසල් මාවත දිගේ ඉදිරියට ගියා. එකපාරටම මගේ ඉස්සරහින් කාරයක් නැවැත්තුවා. මම හැරිලා බලද්දි.. “ අද කන්න යන්නැද්ද?” අල්ලපු කාමරයේ සචි දොරෙන් එබීලා අහනකොට මම ආයෙමත් වර්තමානයට ආවා. හිතින් මම ඇයට දහස් වාරයක් පින්දුන්නේ තවත් මම අතීතයට ගියා නම් අතරමං වෙන බව දන්න නිසා. බෑ අනේ. මට අද කන්න බෑ.. “ආහ්? ඒ මොකෝ? වරෙන් වරෙන් මෙන්න මෙහෙ.” කෑම කෑවේ රුචියකට නෙවෙයි. සචිගේ පෙරැත්තට. කෑම කාලා කාමරයට ඇවිත් මම ඇදේ පෙරලුනා. “උඹට අද නම් ‍මොන හරි වෙලා.” “නෑ බං හිස කකියනවා.‍” “මට පේනනේ උඹේ හිත කකියනවා වගේ.” වැඩක් කර ගැනීමට හිතක් නෑ. අද මම පරක්කු වැඩියි හිතෙනවා. මට ආයෙමත් උදේ සිදුවීම මතක් වුනා. “අමා??” මම හැරිලා බැලුවේ ඉබේටම. මගේ ඇස් මටම අදහ ගන්න බැරිවුනා. ටිකක් වෙනස් වුනත් ඒ ඔහුයි. “රන්දික?” මම මගේම එයාත් කැළඹිලා. ඒ ඇස් වලින් මට ඒක තේරුණා. දෛවය මහා පුදුම දෙයක් කියලා මට හිතුනා. “මේ කොහෙද?” “මම ඉස්කොලෙ යන ගමන්.” මම පිළිතුරු දුන්නේ පෙරට වඩා ඔහුගේ පෙනුමේ වෙනස් වී ඇත්තේ මොනවද කියා හිතන ගමන්. පොඩ්ඩක් රැවුල වවලා. ටිකක් මහත් වෙලාද මන්ද. සුදු වෙලාද කලු වෙලාද?මුළු ලොවම මිනිත්තු කිහිපයකට නැවතුනා වගේ දැනුනා. ඔහු හිනා වුනා. “තාමත් ඉස්කෝලෙ යනවද?” මට සුසුමක් පිටවුනේ ඉබේටම. “ඒ කියන්නේ කොහොම හරි ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වුනා එහෙනම්? මමත් කොළඹ ඉන්නේ. ජෙනරල් හොස්පිටල් එකේ දැන් වැඩ කරන්නේ.” “ඒ කියන්නේ එයත් දොස්තර මහත්තයෙක් වෙලා. එහෙනම්”මම හිතින් හිතුවා විතරයි. ඒක මුවින් පිට කරන්න මට හැකියාවක් තිබ්බේ නෑ. කියන්න දෙයක් මගේ හිතට ආවේම නෑ. මම ගොළු වෙලාද කියලා මට බය හිතුනා. ඒත් මොන හරි කියන්න ඕන වුනේ මේ විදියට නිහඩවම හිටියොත් මට හැඬුම් ඒවි කියලා හිතුන නිසා. “කොහෙද නැවතිලා ඉන්නේ?” “කිරුළපන. පූර්වාරාම මාවතේ.” “මේ ලඟට යන්න කියලා. යාළුවෙක් හම්බෙන්න.” “හා පරෙස්සමින් යන්න. බුදුසරණයි.” රන්දික මා දිහා මොහොතක් බලන් හිටියා. ඒ ඇස් වල ලියවිලා තියෙන්නේ මොනවද කියලා මම තොරන්න ගියේ නෑ. ඒක මට තේරුනෙත් නෑ. ඒත් ඒ බැල්ම දරා ගන්න බැරිකමට මම අහක බලා ගත්තා. වචන කිහිපයක් කතා කරලා ඔහු යන දිහා මම බලාන් හිටියා. ඉස්සරත් රන්දික අප්පච්චි එක්ක කාරයේ යන කොට කවුළුවෙන් අත දාලා මට අත වැනුවා වගේම අදත් ඔයා පාත් කල වීදුරුවෙන් අත දාලා මට ආචාර කළා. මම අතේ තිබුනු පොත් කිහිපය තවත් තුරුළු කර ගත්තේ පොත් ටික වැටෙයි කියා බය හිතුන නිසා. කාරය නොපෙනි ගියාට පස්සේ මම වටපිට බැළුවා. ඉසිපතනේ ඉගෙන ගන්න ළමුන් කිහිපදෙනෙක් මා ඉදිරිපසිනුත් පිටුපසිනුත් එනවා. ළමයි දැක්කද දන්නෑ. මම අදුරේම ඇදේ අනිත් පැත්ත හැරුනා. හිතට දැනුනේ මහා බරක්. හිතින් අයින කරලා දාපු මතකයක් ආයෙම මතක් වෙනනොට හිත ඇතුලේ මොනවාද පෙරළෙනවා වගේ දැනුනා. ගමේ දාලා ආපු මතකය මාත් එක්ක ඇවිත් මම දන්නෙම නැතුව. ඒත් ඒ කාලේ ආයෙමත් මතක් කරන්න ආසයි. හිතින් ආයෙමත් මම මගේ පාසල් අවධියට ගියා. ගම පුරාම ඇවිද්ද හිත නැවතුනේ ගමේ ඉස්කෝලේ ගාව. “ඒයි මොට්ටි..”රන්දික ඉස්කෝලේ ගේට්ටුවෙන් එහා ඉදන් කතා කරනවා තාමත් මට ඇහෙනවා. ඉතින් රැය එළිවෙන්න කළින් හිතින් ආයෙමත් මම ගේට්ටුව ගාවට ගියා. මේ මගේ එකම ආදර කතාවයි. මම දන්නවා මම මිය යනතුරු ඒ ආදරය මට අමතක කරන්න බැරි බව. ඔබ මෙ‍තැන් සිට කියන්නේ ඒ මගේ ආදර කතාවයි.

ලබන සතියේ බලාපොරොත්තු වන්න
.අයිතිය - කර්තෘ සතුවේ උපුටා ගැනීම කර්තෘ අවසරය මත .

Comments